Friday, April 26, 2024

General line - 0115112241

ලාංකිකයින් 273ක් සමග කටාර් සිට පැමිණීමට නියමිතව තිබු ගුවන් යානය අත්හිටුවයි 




හෙට (26) දින කටාර් රාජ්‍යයේ සිටන ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැළසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව අවලංගු කිරීමට  තීරණය කළ බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසනවා.

ඒ, කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 19 වන දින මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් මේ වනවිට නීරෝධායනය වෙමින් සිටින 70 කට අධික පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමගයි.

හෙට අලුයම 5.45 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට සැළසුම් කර තිබුණා. 

මේ අතර කටාර්හි සිට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන අවලංගු කිරීමෙන් අනතුරුව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ උපදෙස් පරිදි එරට රැඳී සිටින පිරිසට වහාම නවාතැන් පහසුකම් සලසා දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ විසින් කටාර්හි සිටින වැඩබලන තානාපතිවරයා හට උපදෙස් ලබාදී ඇත.