Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය භාවිතා කරනවා දැයි සෙවීමට ක්‍රිකට් ආයතනයෙන් නව ක්‍රියාවලියක්




ගිවිසුම්ගත සියලූ කිි‍්‍රකට් ක්‍රීඩකයන් වරින් වර සෞඛ්‍ය පරීක්ෂණ සදහා අහඹූ ලෙස යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

ඒ ජාතික කි‍්‍රකට් කණ්ඩායමද නියෝජනය කළ ෂෙහාන් මධුසංඛ ඉකුත්දා හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීම පාදක කර ගනිමින්. 

නෙත් ස්පෝර්ට්ස්මන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වාගෙන් වැඩිදුර විමසීමක් කළා. ඔහු පැවසුවේ ශෙහාන් මදුශංඛගේ කි‍්‍රඩක කොන්ත‍‍්‍රාත්තුව තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. 

ඒ අනුව  දැනට කෙරෙන විමර්ශන අවසන් වන තෙක් ශෙහාන් මදුශංඛට සියලූ ආකාරයේ කි‍්‍රකට් කි‍්‍රයාකාරකම් තහනම්වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙම සිදුවීම ශී‍්‍ර ලංකා කි‍‍්‍රකට් ක්‍ෂේත‍‍්‍රයට බරපතල කලූ පැල්ලමක් ද බවයි.

ශී‍‍්‍ර ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා පෙන්වා දුන්නේ. ගිවිසුම්ගත කි‍්‍රකට් ක්‍රීඩකයන් වරින් වර සෞඛ්‍ය පරීක්ෂණ ස`දහා අහඹූ ලෙස යොමු කිරීමට තීරණය කලේද ඒ අනුව බව ඔහු පැවසුවා.