Saturday, April 27, 2024

General line - 0115112241

‍රාජ්‍ය පොසොන් උත්සවයට මිහින්තලය සුදානම්




මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන පරිශ්‍රෙය්දී පැවැත්වීම සදහා මේ වනවිට සියළු කටයුතු සූදානම් කරමින් තිබෙනවා. 

දින 3 ක් එම කටයුතු සිදුවන බවයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පැවසුවේ.

කෙසේ වෙතත් රටේ පවතින තත්ත්වය හමුවේ නිවසේ සිට පොසොන් සැමරුම සිදුකරන ලෙසටයි උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ලබන 4 වනදා රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ වන්නේ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන්.