Friday, April 26, 2024

General line - 0115112241

පසුගිය රජයේ තවත් තීරණයක් කැබිනට් මණ්ඩලයේදී අහෝසි වේ




රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා පවත්වනු ලබන ප‍්‍රායෝගික පරීක්ෂණ බාහිර පාර්ශව වෙතින් ඉටු කර ගැනීමට ඉකුත් රජය විසින් ගනු ලැබූ තීරණය කැබිනට් මණ්ඩලය විසින් අවලංගු කර තිබෙනවා.

ඒ මගී ප‍්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවක් සලකා බලමින්. 

රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා පවත්වනු ලබන ප‍්‍රායෝගික පරීක්ෂණ බාහිර පාර්ශව වෙතින් ඉටුකර ගැනීමට ඉකුත් රජය තීරණයක් ගෙන තිබුණේ 2017 වසරේදීයි.  

මෙම තීරණය අවලංගු කර අදාළ ප‍්‍රායෝගික පරීක්ෂණ රජය විසින්ම පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ‍්‍රී ලංකා මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ සංගමය ද මීට පෙර ඉල්ලීමක් කර තිබුණා. 

ඒ බව ද සැලකිල්ලට ගනිමිනුයි අමාත්‍ය මහින්ද අමරවීර සිය කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ.

මේ අතර මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ හිඟයක් පවතින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. මෝටර් රථ පරීක්ෂකවරුන් 145 දෙනකු සිටිය යුතු වුවත් දැනට සේවයේ දී සිටින්නේ මෝටර් රථ පරීක්ෂකවරුන් 99 දෙනෙකු පමණක් බවයි ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ. 

ඒ අනුව පුරප්පාඩු පිරවීම සඳහා කඩිනමින් විභාග පැවැත්වීමට පියවර ගන්නා බව නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියා.