Friday, April 26, 2024

General line - 0115112241

රජයට එරෙහි තවත් අසත්‍ය පුවතකට පිළිතුරු




එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා මුදල් නොමැතිවීම නිසා රහසිගතව මුදල් අච්චු ගසා ඇතැයි ඇතැම් මාධ්‍ය පළ කර තිබෙන වාර්තා රජය ප‍්‍රතික්ෂේප කරනවා. 

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් 
සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඒ පිළිබඳව කරුණු දැක්වුවා.

කොවිඞ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වී සිටින ව්‍යවසාකයන්ට දිරි දීමක් ලෙස හඳුන්වා දුන් කාරක ප‍්‍රාග්ධනය වෙනුවෙන් සහන පොලියට ණය ලබාදීමේ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ වෙනුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුලින් පැවති ණය සීමාව වූ රුපියල් බිලියන 50 ක්. එය රුපියල් බිලියන 150ක් දක්වා වැඩි කර තිබෙන බවයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ. 

රට වසා තිබූ කාලය වෙනුවෙන් ආදායම් බදු සඳහා දඩ අය නො කිරීමට ද රජය තීරණය කර ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.