Saturday, April 27, 2024

General line - 0115112241

ලක්ෂ 40ක් පාඩුකල ඉකුත් ආණ්ඩුවේ ගිවිසුමක් ගැන සිමෙන්ති සංස්ථාවෙන් තොරතුරු




පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධියට අදාලව අත්සන් කෙරුණු අයථා ගිවිසුමක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

රිෂාඞ් බදුර්දීන් විෂයභාර අමාත්‍යවරයව සිටි සමයේ දී මෙම ගිවිසුමට අත්සන් කර ඇති බවයි එහි සභාපති ගාමිණී ඒකනායක නෙත් නිවුස් වෙත පැවසුවේ.

එවකට සිටි විෂයභාර අමාත්‍යවරයා සහ සිමෙන්ති සංස්ථාවේ ඉහළ නිලධාරින් මෙන්ම ගිවිසුමට එළඹි සමාගමද සිදුව ඇති අක‍්‍රමිකතාවට වගකිවයුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුනේ.

ප‍්‍රශ්නගත ගිවිසුම නිසා අහිමි වූ ආදායම යළි අයකර ගැනීමට කටයුතු කරන බව ද සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක නෙත් නිවුස් වෙත පැවසුවා.