Friday, April 26, 2024

General line - 0115112241

පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන දැවැන්තයා




පැයට සැතපුම් 11,000ක වේගයෙන් යුත් අඩි 1,870 ක දිගින් යුත් විශාල ග්‍රාහකයක් අද රාත්‍රියේදී පෘථිවියේ සිට සැතපුම් මිලියන 3.1ක දුරකින් ඇඳි යාමට නියමිත බව අමෙරිකාවේ නාසා ආයතනය පවසනවා.

චන්ද්‍රයාට සාපේක්ෂව 12 ගුණයක දුරකින් මෙම ග්‍රාහකයේ ගමන් මාර්ගය පිහිටා තිබුණත් එය පෘථිවියට ආසන්නව ගමන් කරනු ලබන ග්‍රාහකයක් ලෙස සලකා එහි ගමන් මාර්ගය සම්බන්ධයෙන් දැඩි නිරීක්ෂණයෙන් පසුවීමට නාසා ආයතනයේ විද්‍යාඥයින් පියවර ගෙන තිබෙනවා.

163348 (2002 NN4) යනුවෙන් නම් කර ඇති මෙම ග්‍රාහකය බ්‍රිතාන්‍ය ගිම්හාන වේලාවෙන් 04.20 ට පෘථිවියට සැතපුම් මිලියන 3.165 ක ආසන්නයෙන් ගමන් කිරිමට නියමිතව ඇත.

අඩි 1,870 ක දිගින් යුත් මෙම ග්‍රාහකය අමෙරිකාවේ පිහිටි එම්පයර් ගොඩනැගිල්ලට වඩා අඩි 400 ක උසකින් යුක්ත වන අතර ඉන් පෘථිවියට බලපෑමක් එල්ල නොවනු ඇති බවයි නාසා ආයතනයේ විද්‍යාඥයින් පවසන්නේ.

මෙම ග්‍රාහකයට අමතරව තවත් ග්‍රාහකයන් 04ක් හෙට (06) දිනයේදී පෘථිවියේ සිට සැතපුම් 800,000 සහ මිලියන 04ක දුරකින් ගමන් කිරිමට නියමිතව ඇති බව නාසා ආයතනය පවසනවා.