Saturday, April 27, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය ලිහිල් කළත් යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යන්න - සෞඛ්‍ය බලධාරීන්ගෙන් ජනතාවට ඉල්ලීමක්




ශ‍්‍රී ලංකාවේ බොහෝ දුරට පාලනය කර ඇති කොවිඞ් 19 වසංගතය යළි හිස එසවීම වළක්වා ගැනීමට දැන් වැඩි වගකීමක් පැවරී ඇත්තේ මහජනතාවට බව වෛද්‍යවරුන් නැවත සිහිපත් කරනවා. 

ඇඳිරි නීතිය පණවා තිබූ කාලයේ දී පුහුණු වූ යහපත් සෞඛ්‍ය පුරුදු පනවා තිබූ සීමා ලිහිල් කෙරුණ ද තවදුරටත් එලෙසම පවත්වා ගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේ. 

සෞඛ්‍ය උපදෙස් ගරු නොකර මහජනතාව හිතුවක්කාර ලෙස හැසිරුණහොත්  කොවිඞ් 19 වසංගතය යළි හිස ඔසවා දැඩි සීමා පැනවීමට නැවත සිදු වනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම කරුණු දැක්වීමක් කළේ දින දෙකක් තිස්සේ රට පුරා පණවා තිබූ ඇ`දිරි නීතිය අද අලූ‍යම 4.00 සිට යළි ලිහිල් කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.