Friday, April 26, 2024

General line - 0115112241

විදේශ නෞකාවල සේවයේ යෙදී සිටි ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් යළි මව්බිමට

ටී කේ ජී කපිල




විදේශ නෞකාවල සේවයේ යෙදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 235 දෙනෙකු අද දහවල් මවුබිමට පැමිණියා. ජර්මනියේ හැම්බර්ග් හි සිටයි ඔවුන් මෙලෙස මව්බිමට පැමිණ ඇත්තේ. ඔවුන් රැගත් ශී‍්‍ර ලංකන් විශේෂ ගුවන් යානය මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

පැමිණි සියලූ දෙනා ගුවන්තොටුපල පරිශ‍්‍රයේදීම පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරෙන අතර පසුව ඔවුන් හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායනයට යොමු කිරීමට නියමිතයි.