Saturday, July 11, 2020

Advertising - 0773953664 | General line - 0115112241

අමෙරිකානු ජනපතිට එරෙහිව ඉරානය වරෙන්තු නිකුත් කරයි : අත්අඩංගුවට ගන්න ඉන්ටර්පෝල් සහයත් ඉල්ලයි

4408Views


 


 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු පිරිසක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා ඉරානය විසින් අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ ඉරාකයේ බැග්ඩෑග් අගනුවරදී ඉරාන යුධ හමුදා ප්‍රධානියෙකු වන ජනරාල් කාසිම් සුලෙයිමානි ගමන් ගත් රථයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කොට ඔහුව ඝාතනය කිරිමේ චෝදනාවටයි.

ඉකුත් ජනවාරි මස 03 වෙනිදා එල්ල වූ මෙම ඩ්‍රෝන ප්‍රහාරය සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු 30 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කොට ඇත.

එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු එම ප්‍රහාරයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉරානය ජාත්‍යන්තර පොලිසියේ සහයද ඉල්ලා ඇති බවයි එරට ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here