Saturday, April 27, 2024

General line - 0115112241

ETI මුල්‍ය සමාගම සම්බන්ධයෙන් මහ බැංකුව අධිකරණයෙන් කළ ඉල්ලීම 




ETI මූල්‍ය සමාගමෙහි ව්‍යාපාරික කටයුතු අත් හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මෝසමක් මගින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ,  ETI මූල්‍ය සමාගමෙහි තැම්පත් කළ මුදල් ආපසු ගෙවන ලෙසට ශ්‍රි ලංකා මහ බැංකුවට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා  තැම්පත්කරුවන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැදවූ අවස්ථාවේදීය.

කෙසේවෙතත් මෙම ඉල්ලීම සදහා තැම්පත්කරුවන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා විරෝධය පලකරන ලැබුවා.
ඒ, ශ්‍රි ලංකා මහ බැංකුව මීට පෙර නිහඩව සිට හදිසියේ මෙවැනි පියවරක් ගැනීම සම්බන්ධයෙන්. 

ඒ අනුව මෙම අවස්ථාවේ දී කිසිදු නියෝගයක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කරන ලදී. ඒ අනුව මෙම පෙත්සම සැප්තැම්බර් මස 25 දාට කල් තබන ලදී.