Friday, April 26, 2024

General line - 0115112241

ලංකාවට දී ඇති ණය ගැන ඉන්දියාවේ දැඩි අවධානයක්




ශ‍්‍රී ලංකාවට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් ඉන්දියාව මේ දිනවල දැඩි අවධානයක් යොමුකරමින් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ද හින්දු පුවත්පත පවසන්නේ මේ වසරේ ශ‍්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය ආපසු ගෙවීමට ඇති බවයි.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 1 ක් ගෙවීමට ශී‍්‍ර ලංකාවට සිදුව ඇති බවද එම වාර්තාවෙහි සදහන්.

මෙවන් පසුබිමක අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ණය ආපසු ගෙවීම සදහා ඉන්දියාවෙන් සහන කාලසීමාවක් ඉල්ලා තිබුණා.

ඉන්දීය ඉහළ ප‍්‍රධානීන් ඉකුත් දින  කිහිපයේ සාකච්ඡා කර ඇත්තේ ඒ පිළිබදවයි. කෙසේවෙතත් ණය ගෙවීමේ සහන කාලසීමාව හා ඉන් පසුව ශ‍්‍රී ලංකාව ඉල්ලා ඇති ක්ෂණික ණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවටයි වාර්තා වන්නේ.

ශී‍්‍ර  ලංකාව ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් ඉන්දියාව අවධානය යොමුකර ඇත්තේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබාදීමේ උත්සාහයක් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් මතුව ඇති පසුබිමකවීමද විශේෂත්වයක්.