Friday, April 26, 2024

General line - 0115112241

ග්‍රාමීය ආර්ථිකය ගොඩ නගන්න ජනපති විශේෂ තීරණ ගනියි




ගම ගොඩ නැගීමට නම් ග‍්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ විදෙස් රටවලින් පැමිණ කර්මාන්තශාලා ආරම්භ කරන තෙක් නොසිට අපනයන කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි. 

කර්මාන්ත බිහිවීම පමණක් සංවර්ධනය නොවන බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා කෘෂි කර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ග‍්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බව ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ, අද දහවල් ජනාධිපති කාර්යයාලයේ පැවති සාකච්ඡාවකදීයි.

කෘෂි භෝග ආනයනයට ඉඩ නොතබා උඳු, කුරක්කන්, මුං ඇතුළු ධාන්‍ය වගා දිරි ගැන්වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව, ඒ - ඒ ප‍්‍රදේශ ඉලක්ක කර ගොවියා දිරි ගැන්වීමට අවශ්‍ය සහය බැංකුව ගමට ගෙන යාමෙන් තමා අපේක්ෂා කරන ඉලක්කය බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.