Saturday, April 27, 2024

General line - 0115112241

දින 13ක් රටක් කැළඹූ දොඹකර තුනෙන් එකක්, වරායට ගොඩ බසී




රටේම ආන්දෝලනයක් ඇති කරමින් දින 13 ක් පුරා නෞකාවක රදවා තිබූ චීනයෙන් ගෙන්වූ ගැන්ටි‍්‍ර දොඹකර 3 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ගොඩබෑමේ කටයුතු අද පස්වරුවේ ආරම්භ වුණා. මේ වනවිටත් පර්යන්තයට ගොඩබෑමට හැකි වී ඇත්තේ් එක් දොඹකරයක් පමණයි. ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප‍්‍රසන්න කළුතරගේ සදහන් කළේ ඉතිරි දොඹකර දෙක ගොඩබෑම සදහා තවත් දින 2 ක් පමණ ගත වනු ඇති බවයි.

වරාය පොදු සේවක සංගමයේ සභාපති චන්ද්‍රසිිරි මානගේ කියාසිටියේ දොඹකර තුනම නැගෙනහිර පර්යන්තයට ගොඩබෑම සිදුවුවද එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම ප‍්‍රමාද වනු ඇති බවයි.

ඉකුත් 20 වනදා චීනයේ සිට ගෙන්වූ මෙම දොඹකර තුන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට විරෝධය පළ කරමින් වරාය වෘත්තිය සමිති නියෝජිතයින් තිදෙනෙකු දොඹකරයකට නැග පළමුව උපවාසයක් ආරම්භ කළා. ඊට සහය පළ කරමින් වරාය සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය අද දහවල් අවසන් කළේ අග‍්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවෙන් පසුවයි. එහිදී අදාළ දොඹකර තුන නැගෙනහිර පර්යන්තයට ගොඩබෑමට අග‍්‍රාමාත්‍යවරයා එකගතාව පළ කර තිබුණා.  

මේ අතර කොළඹ වරායේ ජයබහලූ පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කර වාර්තා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. ශී‍්‍ර ලංකා රජය සෙසු කාර්යයන් සමග කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් එළඹ ඇති ගිවිසුම් පිළිබද අධ්‍යයනය කිරීම මෙම කමිටුවට පැවරෙන ප‍්‍රධාන වගකීමක්. අද සිට දින 45 ක් ඇතුළත අදාළ රේඛීය අමාත්‍යාංශය හා පාර්ශවකරුවන් සම්බන්ධ කර කමිටුව විසින් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.