Friday, April 26, 2024

General line - 0115112241

අංගොඩ ලොක්කාගේ තවත් සමීපතමයෙකු පොලිස් දැලේ පැටලෙයි




පාතාල කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන බත්තරමුල්ලේ බන්ටි නැමැත්තා තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග‍්‍රෑම් 07 ක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 54,000 ක මුදල් ද සමගයි. මෙම සැකකරු රාජගිරිය, බත්තරමුල්ල, තලංගම සහ අවට ප‍්‍රදේශවල මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවටයි පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ.

සැකකරුගේ නිවස වටලන අවස්ථාවේ එහි සිටි තවත් පුද්ගලයින් තුන්දෙනෙකු ද තලංගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් බත්තරමුල්ලේ බන්ටි නැමැති සැකකරුගේ මත්කුඩු ජාවාරම්වලට සහය දුන් අය බවටයි සැක කෙරෙන්නේ.

බත්තරමුල්ලේ බන්ටි නැමැත්තා, පුද්ගල ඝාතන, වෙඩි තැබීම් ඇතුළු සිද්ධීන් කිහිපයකට සම්බන්ධ අය බව ද පොලිසිය පැවසුවා.

පාතාල සාමාජික සමයං ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන ඔහු වසර දෙකක පමණ කලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට මාස 06 කට පමණ පෙර ඇප මත නිදහස් වූ අයෙකු බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.