Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය ව්‍යාප්තියට අවස්ථාව එන තෙක් බලා සිටියා - චීනයට පෙර වෛරසය ලොවතුල තිබුණා : මහාචාර්යවරයෙක් හෙළිකරයි 




චීනයෙන් ව්‍යාප්තවීම ඇරඹුණද ඊට පෙර සිටම කොරෝනා වෛරසය ලොවතුල පවතින්නට ඇති බවට ලොව සුප්‍රසිද්ධ සරසවියක මහාචාර්යවරයෙක් ප්‍රකාශ කර තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයෙක් වන ටොම් ජෙෆර්සන් ප්‍රකාශ කර සිටියේ ඉකුත් දෙසැම්බරයේ චීනයේ වුහාන් නගරයෙන් වෛරසයේ ව්‍යාප්තිය ඇරඹීමට පෙර සිට වෛරසය ලොවතුල පැවති බවට සාක්ෂි හමුවී ඇති බවයි.

ස්පාඤ්ඤය, ඉතාලිය සහ බ්‍රසීලයේ මළ අපද්‍රව්‍ය බැහැර කෙරෙන ටැංකි වලින් ගනු ලැබූ ජල සාම්පල් වලින් සොයා ගත් කොරෝනා වෛරසයේ සාක්ෂි ඊට හොඳම නිදසුනක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

බ්‍රිතාන්‍යයේ ඩේලිටෙලිග්‍රාෆ් පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක් වෙමින් මහාචාර්ය ටොම් ජෙෆර්සන් ප්‍රකාශ කළේ 1918 වසරේදී ලොවපුරා පැතිර ගිය ස්පාඤ්ඤ උණ වෛරසයේද මේ ආකාරයේ අමුතු සිදුවීම් දක්නට ලැබුණු බවයි.

ස්පාඤ්ඤ උණ රෝගයෙන් 1918 වර්ෂයේදී බටහිර සැමෝවා ජනගහණයෙන් සීයයට 30 ක පමණ පිරිසක් ජිවිතක්ෂයට පත්වුවා. නමුත් ඔවුන්ට බාහිර ලෝකය සමග කිසිදු සම්බන්ධතාවයක් තිබුනේ නැහැ.

මෙයින් පෙනි යන කරුණ තමයි මෙම වෛරසයන් ලොවතුල පවතිනවා. ඒ ඔවුන්ට ව්‍යාප්තවීමට හිතකර තත්ත්වයක් ඇතිවන තෙක්. අධික ජනගහණය, දේශගුණික විපර්යාසයන් සමග ව්‍යාප්තවීම සිදුවන්නට ඇති බවට විශ්වාස කරනවා.

මහාචාර්ය ටොම් ජෙෆර්සන් ප්‍රකාශ කර සිටින්නේ කොරෝනා වෛරසය බොහෝවිට මළ අපද්‍රව්‍ය ටැංකි, වැසිකිලි ආශ්‍රිතයෙන් ව්‍යාප්ත වන්නට ඇති බවයි.