Friday, April 26, 2024

General line - 0115112241

සුනිල් ජයවර්ධන ඝාතන සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඞ්




ලංකා ස්වයං රැකියා වෘතිකයන්ගේ ජාතික ත‍්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් නුගේගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත් තිස්ස විජේරත්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඉකුත් ජූනි මස 10 වන දින මිරිහාන ප‍්‍රදේශයේ කල්බදු සමාගමක් ඉදිරිපිට සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ සුනිල් ජයවර්ධන කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.