Saturday, April 27, 2024

General line - 0115112241

රුසියානු ජාතික කාන්තාවට හිරිහැර කළ පහක් බන්ධනාගාරයට




ගාලූ මුවදොර පිටියේදී රුසියානු ජාතික කාන්තාවකට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් 05 දෙනා ජූලි 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ, එම සැකකරුවන් අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අදාළ පුද්ගලයින් 05 දෙනා පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණේ එම රුසියානු ජාතික කාන්තාවට ගාලූමුවදොර පිටියේදී ඉකුත් දා හිරිහැර කළ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි. 

හිරිහැරයට ලක්වූ රුසියානු ජාතික කාන්තාව තමන්ට සිදුවූ මෙම හිරිහැරය පිළිබඳ ෆේස්බුක් හරහා වීඩියෝවක් මගින් ද පළකර තිබුණා. මෙම සැකකරුවන් පිරිස අදාළ යුවළට අසභ්‍ය වචනයෙන් බැනවදින ආකාරය ද එහි දැක්වෙනවා.