Saturday, April 27, 2024

General line - 0115112241

නතර වූ ක්‍රිකට් අද සිට යළිත්




ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව නතර කෙරුණු ජාත්‍යන්තර කි‍්‍රකට් තරග අද (08) සිට ආරම්භ වනවා.

ඒ අනුව සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය සදම්ප්ටන්හිදී අද ආරම්භවීමට නියමිතයි.  

මාස 03 කට අධික කාලයකින් පසු ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ පැවැත්වෙන පළමු තරගය ද මෙය වනවා. තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය ආරම්භවීමට පෙර කොදෙව් කී‍්‍රඩකයින් දින 14 ක නිරෝධායන කි‍්‍රයාවලියකට ද යොමු කෙරුණා. මෙම ටෙස්ට් තරගාවලියට ජෝ රූට් සහභාගී නොවන බැවින් බෙන් ස්ටොක් එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවයි. ඒ අනුව මිනිස් ඛේටය යොදාගෙන පන්දුව පිරිමැදීම ද තහනම් වනු ඇති. කෙසේවෙතත් දහදිය යොදාගෙන පන්දුව පිරිනැමීම සඳහා අවසර හිමිවනවා.