Friday, April 26, 2024

General line - 0115112241

දිවයින පුරා සිදුකළ වැටලීමකින් සැකකරුවන් 1,836 ක් අත්අඩංගුවට




දිවයින පුරා සිදුකළ වැටලීමකදී සැකකරුවන් 1,836 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී අත්අඩංගුවට ගැණුනු වරෙන්තුකරුවන් ගණන 609 ක්. සැකකරුවන් 330 ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී මත්පැන් සමගයි. හෙරොයින්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි 334 දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවි ආයුධ 8 ක් සමග  සැකකරුවන් 4 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් ළ`ග තිබී සොයාගෙන ඇත්තේ රිපිටර් වර්ගයේ ගිනි 7 ක් සහ බෝර 12 ගිනි අවියක්. දිවයිනම ආවරණ වන පරිදි මෙම වැටලීම සිදුකළේ ඉකුත් 8 වනදා රාතී‍්‍ර 12 සිට 9 වනදා රාතී‍්‍ර 12 දක්වා වූ පැය 24 තුළ බවයි පොලීසිය පැවසුවේ.