Saturday, April 27, 2024

General line - 0115112241

ශානි අබේසේකර උසාවි යයි




වැඩ තහනමට ලක්ව ඇති තමන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධූරය සදහා පත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. 

තමන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහයකයකු ලෙසට ස්ථාන මාරු කිරීම සහ ඉන් අනතුරුව වැඩ තහනමට ලක්කිරීම නීතියට පටහැනි ලෙසට සිදු වී ඇති බවයි ඔහු මෙම පෙත්සමේ දක්වා ඇත්තේ. 

ඒ තුලින්  තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත්, ඊට වන්දි ලෙස රුපියල් කෝටියක මුදලක් රජයෙන් අය කර දෙන ලෙසත් ඔහු සිය පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා. 

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා,  ජාතික පොලිස් කොමිසම සභාපති ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු 17 දෙනෙක් නම් කර තිබෙනවා.