Friday, April 26, 2024

General line - 0115112241

අගමැති මහින්දගේ මැදිහත් වීම ඵල දරයි - කොළඹ වරාය වැඩවර්ජනය අවසන්




සිය වැඩ වර්ජනය අවසන් කිරීමට වරාය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. 

කොළඹ වරායේ වාණිජ කර්මාන්ත සහ සේවා ප‍්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් ශාමල් සුමනරත්න පැවසුවේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිතයින් අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති නියෝජිතයින් රැස්වී පැවැත්වූ සාකච්ඡාවකින් පසු එම තීරණය ගත් බවයි. 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු නොදෙන ලෙස ඉල්ලමින් වරාය වෘත්තිය සමිති මෙම වැඩ වර්ජනය කි‍්‍රයාත්මක කළා