Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෝලිව අත්අඩංගුවට ගන්න ලු




ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ඉන්දීය මදුරාසී මහාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබෙනවා.        

ඒ, විරාට් කෝලී අන්තර්ජාලය ඔස්සේ සූදූ කි‍්‍රඩාව ප‍්‍රවර්ධනය කළ බවට චෝදනා කරමින්. චෙන්නායි ප‍්‍රදේශයේ නීතිඥවරයෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අන්තර්ජාල සූදූ සමාගම් විරාට් කෝලි වැනි සුපිරි කි‍්‍රඩකයින් යොදා ගෙන සූදූ කි‍්‍රඩාව ප‍්‍රවර්ධනය කිරීමේ කටයුතුවල නිරත බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා. 

මෙම සූදූ කි‍්‍රඩාව සඳහා ජංගම දුරකථන යෙදවුමක්ද හදුන්වා දී ඇති අතර එමගින් තරුණ ප‍්‍රජාව ඊට ඇබ්බැහි කර වීමක් සිදු වන බවයි චෙන්නායි නීතිඥවරයා සිය පෙත්සම මගින් දක්වා ඇත්තේ.

ඒ අනුව ඊට සම්බන්ධ සමාගමේ හිමිකරු සහ විරාට් කෝලි අත්අඩංගුවට ගන්නා ලෙස එම නීතිඥවරයා ඉන්දීය මදුරාසී මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.