Saturday, April 27, 2024

General line - 0115112241

නිහඬ කාලය තුල 22ක් අත්අඩංගුවට




නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු ගතවූ පැය 36 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. 

මහ මැතිවරණය ප‍්‍රකාශයට පත්කිිරීමෙන් පසු මේ දක්වා පොලීසියට ලැබී ඇති සමස්ථ අපරාධ පැමිණිලි සංඛ්‍යාව 93 ක්. මැතිවරණ පැමිණිලි 376 ක්ද පොලීසිය වාර්තා වී තිබෙනවා. 

මේ අතර නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා මුදලට ලබාගැනීම සඳහා තැත්කිරීමේ චෝදනා යටතේ බේරුවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා, හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මෙහිදී පැවසුවේ.