Friday, April 26, 2024

General line - 0115112241

කැබ් රථයක් ගැටී පන්ති ගිහින් එන ළමුන් පිරිසක් රෝහලේ




උපකාරක පන්ති සඳහා සහභාගී වී පාගමනින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 14, 16 වයස්වල පසුවන ළමුන් පිරිසකගේ කැබ් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (09) සවස 3.20ට පමණ අරලගංවිල බෝගස් හංදිය අසළ දී දෙහිඅත්තකණ්ඩිය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ කැබ් රථයක් මෙලෙස සිසුන්ගේ ගැටී තිබෙනවා.

අනතුරෙන් ළමුන් 11 දෙනෙකු තුවාල ලබා ඉන් ළමුන් 04 දෙනෙකු පොළොන්නරුව රෝහලටද තවත් 07 දෙනෙකු අරලගංවිල රෝහලට ද ඇතුළත් කෙරුණා.

බරපතල තුවාල ලබා සිටි එක් ළමයෙකු අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඒ වයස අවුරුදු 16ක ළමයෙක්.

සිද්ධිය සම්බන්ධයෙක් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.