Wednesday, May 8, 2024

General line - 0115112241

ජාතික ලැයිස්තුවට නම් කළ කොටසකගේ නම් අද ගැසට් කෙරේ




මෙවර මහමැතිවරණයේ ප‍්‍රථිඵල අනුව එක් - එක් දේශපාලන පක්ෂවලට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරවලට පත් කෙරෙන 29 දෙනාගෙන් කොටසකගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය අද (10) රාති‍්‍රයේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසයෙන් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන්ගේ නම් එලෙස ගැසට් කෙරෙන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර හිමිවූ සෙසු පක්ෂ ඔවුන්ගේ ලැයිස්තු මෙතෙක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී නාමලේඛනයේ කොටසක් පමණක් එලෙස ගැසට් කිරීමට නියමිතයි. සෙසු දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු, එළඹෙන සිකුරාදාට ප‍්‍රථම ලබාදෙන ලෙස අදාළ දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.