Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනාවට එරෙහි ලොව පළමු එන්නතට රුසියාවේ අනුමැතිය : සිය දියණියටත් එන්නත ලබා දුන් බව ජනපති පුටින් කියයි




කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට තම රට සමත්වූ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර සිටිනවා.

මොස්කව් Gamaleya පර්යේෂණ ආයතනය විසින් නිෂ්පාදනය කළ මෙම කොරෝනා එන්නත රුසියාව තුළ අද දිනයේදී ලියාපදිංචි කර ඇති බවයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ.

නිෂ්පාදනය කරන ලද එම එන්නත ලබාදුන් පිරිස අතර තම දියණියද සිටින බවයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.