Friday, April 26, 2024

General line - 0115112241

රිෂාඞ් අදත් CID යට




හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 06 ක ප‍්‍රකාශයක් ලබාදුන්නා. ඒ, පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන්.

අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අදාළ ප‍්‍රකාශය ලබාදී පස්වරුවේ ඉන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීත් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප‍්‍රකාශ ලබා දුන්නා.