Friday, April 26, 2024

General line - 0115112241

ඇමතිධූර අහිමි වූ ජ්‍යෙෂ්ඨයෙක් නෙත් නිවුස් වෙත කථා කරයි




අමාත්‍යධූරයක් නොලැබුන ද මන්තී‍්‍රවරයෙකු ලෙස පැවරෙන රාජකාරී ඉටුකිරීමට තමන් සූදානම් බව කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ සහ හිටපු අමාත්‍යවරයෙකු වන අනුර පි‍්‍රයදර්ශන යාපා පවසනවා.

ඔහු ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දක්වමින් සඳහන් කළේ පාර්ලිමේන්තුවට තේරී පත්වීම වැදගත්ම කරුණ බවයි. සිය දිස්ත්‍රික්කයේ ජනතාව තමාව තෝරා ගැනීම පිළිබඳව සතුටු වන බවත් පෙන්වා දුන්නා. 

අමාත්‍ය ධූරයක් නොලැබීම සම්බන්ධයෙන් තමන්ට කිසිඳු කලකිරීමක් නොමැති බවත්, අමාත්‍යධූර හිමිවූ සියලූ දෙනාට සුබපතන බවත් ඔහු සඳහන් කළා.