Friday, April 26, 2024

General line - 0115112241

රාජ්‍ය ආයතන ප්‍රධානින් ගැන ජනපති ලේකම් ගෙන් දැනුම් දීමක්




රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් නොකළ යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා. 

එම දැනුම්දීම සියලු අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් වෙත දැනුම් දී ඇති බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව අදාළ ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරිම සිදුකරනු ලැබුවේ විශේෂ කමිටුවකින් ලැබුණු නිර්දේශ මතයි.

රජයේ සංස්ථා,මණ්ඩල හා ව්‍යාවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් වෙනසක් සිදුකරන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාව ලබාගත යුතු බව ජනාධිපති ලේකම්වරයා විසින් යොමු කරන ලද ලිපියේ සඳහන්. 

එම නිසා අදාළ තනතුරු සඳහා පත්කළ පුද්ගලයින් වෙනස් නොකර දිගටම කටයුතු කිරීමට එම නිලධාරින්ට අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත්තේ.