Friday, April 26, 2024

General line - 0115112241

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ගැන මැතිවරණ කොමිසමට නීතිපති උපදෙස් දෙයි




අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට නීතිපතිවරයා විසින් අද අවශ්‍ය නිතී උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් කිහිප දෙනෙකුගේ නම් යෝජනා කොට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා එවීම නිසා ඒ සම්බන්ධයෙන් නිතී උපදෙස් ලබා ගන්නා බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉකුත්දා දැනුම් දී සිටියා.