Friday, April 26, 2024

General line - 0115112241

කතරගම චාරිකාවක ගිය නවගමුවේ පිරිසකට වැල්ලවායේදී ගම්මුන් දුන් සංග්‍රහය (PHOTOS)

ජයන්ත වීරසේකර




වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ දී ඊයේ (28) පස්වරුවේ දී දෙපිරිසක් අතරඇති වූ ගැටුමකින් පුද්ගලයන් හයදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වැල්ලවාය පොලිසිය පවසනවා.

නවගමුව ප්‍රදේශයේ සිට කතරගම දක්වා විනෝද චාරිකාවක් පැමිනි පිරිසක් වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ දී මත්පැන් සාදයක් පවත්වා එම ප්‍රදේශයේ පදිංචි ගම්වැසියන් දෙදෙනෙකුට පහරදී ඔවුන්ගේ යතුරු පැදියට හානි සිදුකර තිබෙනවා.

මෙම සිද්ධිය ආරංචි වූ හදපානාගල ප්‍රදේශයේ ගම්වාසීන් විසින් එම සිද්ධිය වූ ස්ථානයට පැමිණි පහර දීමට සම්බන්ධ විනෝද චාරිකාවේ පැමිණි පිරිසට දණ ගස්සවා පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගම්වැසියන් දෙදෙනාට පහර දුන් අයට පමනක් මෙහිදී ගම්වැසියන් විසින් පහර දී තිබෙන අතර විනෝද චාරිකාවේ පැමින සිද්ධියට සම්බන්ධ නොවූ කිසිවෙකුට හෝ ගම්වැසියන් පහරදී නොමැත. එසේම ඔවුන් පැමිණි බස් රථයටද කිසිදු හානියක් සිදු කර නොමැති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පහර කෑමෙන් තුවාල ලැබූ පිරිස අතර විනෝද චාරිකාවේ පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකු සහ ගම්මානයේ දෙදෙනකු වන බව වැල්ලවාය පොලිසිය සඳහන් කර සිටිනවා.

තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට මොණරාගල මහ රෝහලේ සහ හදපානාගල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටීන අතර වැල්ලවාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.