Friday, April 26, 2024

General line - 0115112241

විදේශ ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලයට




විදේශ ගමන් බලපත්‍ර හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපයීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රටින් පිටතට ගලා යන විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමට හැකි වන පරිදි එවැනි ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කරවා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට අවශ්‍ය ඇගයීමක් සිදුකර ඉදිරියේදී ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත පැවරීමට ඇමති මණ්ඩලය විසින් තීරණය කර ඇත.