Friday, April 26, 2024

General line - 0115112241

පාතාල නායක පොඩි ලැසී යළිත් බන්ධනාගාරයට




සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බන්ධනාගාර ගත කර සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් ‘‘පොඩි ලැසී’’ නමැත්තා, ලබන 25 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් එම සැකකරු ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි. පොඩිලැසි නමැත්තා දැඩි ආරක්ෂක රැකවල් මැද අධිකරණ භුමිය වෙත රැගෙන එනු ලැබූ බව හා  විශේෂ පොලිස් ආරක්ෂාවක් ද අධිකරණ භුමියට යොදවා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිපදෙනෙකුට ප‍්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් දෙවන සැකකරු වන පොඩි ලැසි නමැත්තාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසයි ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය, බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට ඉකුත් 08 වනදා නියෝග කළේ.   

ප‍්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ‘‘පොඩි ලැසී’’ නමැත්තා සැප්තැම්බර් 25 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් වෙත නියෝග කළා.