Saturday, April 27, 2024

General line - 0115112241

දින 17 කදී මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 8000 ක් පොලිස් දැලේ




සැප්තැම්බර් මස 01 වනදා සිට 17 වනදා දක්වා ගතවූ දින 17 තුලදී දිවයිනේ සියලූ පොලිස් ස්ථාන මගින් අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදුකරන ලද වැටලීම්වලදී මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් 8,358 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 4,712 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 3,438 දෙනෙකු මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 208 දෙනෙකු වන බවයි පොලීසිය පැවසුවේ. 

මීට අමතරව අදාළ වැටලීම්වලදී වරෙන්තුකරුවන් 6,678 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළා. වෙනත් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 13,444 ක්. 

ඊට අමතරව අවි ආයුධ සන්තකව තබා ගැනීම සම්බන්ධයෙන් ද සැකකරුවන් 113 දෙනෙකු ගතවු දින 17 තුළ සිදුකළ වැටලීම්වලදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී ඔ56 ගිනිඅවි 03 ක්, පිස්තෝල 01 ක්, රිවෝල්වර් 04 ක්, බෝර 12 ගිනි අවි 32 ක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවි 06 ක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවි 93 ක්, පතරොම් 237 ක්, කඩු 07 ක් සහ පිහි 02 ක්ද සිය භාරයට ගැනුණු බවයි පොලීසිය සඳහන් කළේ. 

මේ අතර පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් සන්තකයේ තිබී පුපුරණ ද්‍රව්‍ය ග‍්‍රෑම් 18 ක්, ඩෙටනේටර් 25 ක් සහ අත් බෝම්බ 12 ක් ද සොයා ගැනුණු බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.