Friday, April 26, 2024

General line - 0115112241

හොර පාරෙන් ගෙනා කහ කිලෝ 520 ක් මන්නාරමේදී අල්ලයි




නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් වියලි කහ කිලෝග‍්‍රෑම් 520 ක් මෙරටට ගෙන ඒමට තැත්කළ සැකකරුවන් 03 දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම මුන්දලම්පිඞ්ඩි ප‍්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදී මලූ 12 ක අසුරන ලද මෙම වියලි කහ කිලෝග‍්‍රෑම් 520 රැගෙන එමින් තිබූ යාත‍්‍රාව ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. නාවික හමුදාව භාරයට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 22 ත් 55 ත් අතර වයසේ පසුවන පල්ලෙමුණේ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.