Saturday, April 27, 2024

General line - 0115112241

නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 320 දෙනෙකු නිවෙස් බලා පිටව යයි




ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක වන නිරෝධායන මධ්‍යස්ථානවලදී සිය නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 320 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටව ගියා. ඒ අනුව නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ 42,582 දෙදෙනෙකු මේවනවිට නිවෙස් බලා පිටව ගොස් ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

පුද්ගලයින් 5,895 දෙනෙකු ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 59 ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ.