Saturday, April 27, 2024

General line - 0115112241

හෙම්මාතගම ගොඩනැගිල්ලක්ද අවදානමේ - පොලීසිය වහා ක්‍රියාත්මක වේ




හෙම්මාතගම නගරයේ පිහිටි කඩකාමර අටකින් යුත් තෙමහල් ගොඩනැගිල්ලක ඉරිතැලීම් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ ද අවදානමක් පවතින බව අද අනාවරණ වුණා. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කෑගල්ල පර්යේෂණ නිලධාරී ටී එම් පි‍්‍රයන්ත බණ්ඩාර ස්ථානීය පරීක්‍ෂාවකින් පසුව මේ බව ප‍්‍රකාශ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව හෙම්මාතගම - අරණායක ප‍්‍රධාන මාර්ගයේ එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයෙන් කොටසක් වසා ජනතාවට සහ වාහන ධාවනයට ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසට ද පොලීසියට උපදෙස් දී තිබෙනවා. 

එමෙන්ම ඒ අසල ඇති හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලයේ දරු දැරියන් සහ මාර්ග භාවිත කරන මහජනතාවට එම ගොඩනැගිල්ල ඉදිරිපිටින් ගමන් කිරීම තහනම් කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ. 

මෙම ගොඩනැගිල්ලේ තත්ත්ව පරීක්‍ෂණයක් සිදුකිරීමට සහ ඉරිතැලීම් සහ අවදානම සම්බන්ධයෙන් සොයා බැලීමට තවත් විශේෂ කණ්ඩායමක් පැමිණීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.