Saturday, April 27, 2024

General line - 0115112241

ක්‍රිකට් කවුන්සිල මුලස්ථානයේ නිලධාරින් පිරිසකට කොරෝනා : ICC මුලස්ථානය වසා දැමේ




ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුලස්ථානයේ සේවය කරන නිලධාරින් කිහිප දෙනෙකුටම නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ හේතුවෙන් ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මුලස්ථානය සෞඛ්‍ය හේතුන් මත දින කිහිපයක් යන තෙක් වසා තැබීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ICC නිලධාරින් හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇත. පවතින තත්ත්වය මත බොහෝ නිලධාරීන් සිය නිවෙස් වල සිට වැඩ කටයුතු කිරිමට උපදෙස් ලබාදී ඇත. ඇතිවී තිබෙන තත්ත්වය ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට බලනොපානු ඇති බව ICC ජේෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ඉන්දියාවේ ANI පුවත් සේවය වාර්තා කර සිටියි.