Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා පරාජය කිරීමෙන් ලෝකෙන්ම දෙවෙනියා පුංචි ශ්‍රී ලංකාවයි - ගෞරවය රටේ සැමට බව යුධ හමුදාපති කියයි




කොරෝනා වසංගතය පාලනය පිළිබඳ නවතම ලෝක සමීක්ෂණයේදී ශ‍්‍රී ලංකාවට පෙරමුණට පැමිණීමට හැකිවූයේ රටේ සියලූදෙනාගේම කැපවීම හේතුවෙන් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

 මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා ඒ බව සඳහන් කළා. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත කාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සිටින බවට අනාවරණ වූ ඉන්දියාවේ සිට කොළඹ වරායට පැමිණ, පසුව තී‍්‍රකුණාමලය වරයාට යොමු කෙරුණු ඉන්ධන ප‍්‍රවාහන නෞකාව තුළට ඇතුළු වූ කොළඹ වරායේ සේවකයින් කිහිපදෙනෙකු හා ඔවුන්ගේ ආශි‍්‍රතයින් කිහිපදෙනෙකු ද මේවනවිටත් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.