Saturday, April 27, 2024

General line - 0115112241

රටම සිනහ සයුරේ ගිල්වූ ටෙනිසන් කුරේ අද දැයෙන් සමුගනී




මෙරට ප‍්‍රහසන කලාව තුල නොමැකෙන සලකුණක් තැබූ අභවප‍්‍රාප්ත ජනප‍්‍රිය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන භූමියේදීයී.

රෝගාතුරව සිටි ටෙනිසන් කුරේ මහතා අභවප‍්‍රාප්ත වුණේ ඉකුත් ස`දුදා දිනයේයි. පසුව ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා මොරටුවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තැබුණා. මේ දක්වා ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම ස`දහා සහෘද කලාකරුවන් රැුසක් මෙන්ම ටෙනිසන් කුරේ මහතාට ආදරය කල රසික රසිකාවියන් රැසක්ද පැමිණියා.

දශක 4කට ආසන්න කාලයක් මෙරට සිනමාව, වේදිකාව ඇතුළු කලා ක්ෂේත‍්‍රය සිනහවෙන් පිරවූ මේ අසහාය ප‍්‍රහසන රංගන ශිල්පියා, අසීරු කාර්යයක් ලෙස සැලකෙන රංගනයෙන් තවත් අයෙකු සිනහ ගැන්වීම ඉතා පහසුවෙන්ම සිදු කල අයෙක්. 

ටෙනිසන් කුරේ මහතා, මිනිසුන් සිනහවෙන් තැබීම සිය අරමුණ කර ගනිමින් සිය ජීවිත කාලය පුරා කටයුතු කල අයෙක්. මීට වසර 14කට පෙර, එනම් 2006 වසරේ ඔක්තෝම්බර් මාසයේ නෙත් එෆ් එම් රේඩියෝවේ ප‍්‍රචාරය කල නේත‍්‍රාංජලී වැඩසටහනට එක්වෙමින් ඔහු පල කල අදහස් ඊට කදිම නිදසුනක්.

මෙරට දහසකුත් පේ‍්‍රක්ෂකයින් සිනහවෙන් පුරවා ඔහු අද සිය සිනහව ස`ගවා දැයෙන් සමුගෙන යන්නේ ටෙනිසන් නිසාම සිනහ වූ ඒ සහෘද පේ‍්‍රක්ෂක රසික සමාජයම කඳුලක් තබමින්. 

ටෙනිසන් කුරේ මහතා අද දැයෙන් සමුගත්ත ද, සිංහල සිනමාවේ ඔහු තැබූ සලකුණ කිසිදා මැකී නොයනු ඇති.