Saturday, April 27, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය සමග තවත් සැකකරුවන් 417 දෙනෙකු බස්නාහිර පළාතේදී අත්අඩංගුවට




බස්නාහිර පළාත තුළ සිදු කෙරෙන විශේෂ වැටලීම්වලදී අද පෙරවරු 05 න් අවසන් වූ පැය 23 තුළදී මත්ද්‍රව්‍ය සමග තවත් සැකකරුවන් 417 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යයාලය පැවසුවේ හෙරොයින් සමග සැකකරුවන් 163 දෙනෙකු සහ ගංජා සමග සැකකරුවන් 103 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

මහරගම ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝග‍්‍රෑම් 1 යි මිලිග‍්‍රෑම් 100 ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු එම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නුගේගොඩ කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් මීගොඩ ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 17 යි ග‍්‍රෑම් 305 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යයාලය වැඩිදුරටත් සඳහන් කළේ.