Friday, April 26, 2024

General line - 0115112241

පිළියන්ද විහාරස්ථානයක හිමිවරුන් 75ක් ඇතුළු 90 දෙනෙක් ස්වයං නිරෝධායනයට




පිළියන්දල, කහපොල ප්‍රදේශයේ පිහිටි සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 75 දෙනෙකු ඇතුළු 90 දෙනකු එම පිරිවෙන තුළම අද (14) නිරෝධායනය ලක් කළ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එහි වැඩ වසන හිමිනමකගේ මවක් පසුගිය දිනක එම හිමි නම බැලීම සඳහා පැමිණ පිටව යාමෙන් අනතුරුව ඇයට කොවිඩ් ආසාදිත වයිරසය ශරීරගතවී ඇති බවට වාර්තාවීමෙන් අනතුරුව මෙම හිමිවරුන් පිරිස සහ අනෙකුත් පිරිස නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන තිබෙනවා.

වෛරසය ආසාදනය වූ එම හිමිනමගේ මව මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවට සම්බන්ධ කොවිඩ් ආසාදිතයෙකු ගේ ආශ්‍රිතයෙක් බවට හඳුනා ගෙන ඇත.