Saturday, April 27, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 109ක් වාර්තා වෙයි




අද සවස 4.30 වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 109ක් වාර්තා වී ඇත. එලෙස වාර්තා වූ ආසාදිතයින් ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් 49ක්, නිරෝධායන මධ්‍යස්ථාන වලින් 37ක් සහ ආශ්‍රිතයින් 23 දෙනෙකු ලෙස අයත් වනවා.

මිනුවන්ගොඩ ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා පොකුර මේ වන විට 2451ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5920ක් වනවා. ඉන් සුවය ලබා ඇති සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 3501ක්.