Friday, April 26, 2024

General line - 0115112241

විස්සේ අරමුණ අගමැති මැතිසබයට කියයි




ඉතිහාසයේ ඇතැම් ව්‍යවස්ථා සංශෝධන මන්ත‍්‍රීවරුන්ට බලපෑම් කරමින් සම්මත කළ ද, වත්මන් ආණ්ඩුව 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ එවැනි බලපෑම් හෝ දේශපාලන ගනුදෙනුවකින් තොරව බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. 

ඒ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ විවාදයට එක්වෙමින්. 

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශා්ධන පනත් කෙටුම්පතේ අරමුණ පැහැදිළි කළ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා.