Saturday, April 27, 2024

General line - 0115112241

ට‍්‍රම්ප්ගේ බුද්ධි නිලධාරීන් පිරිසකටත් කොරෝනා




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි බුද්ධි නිලධාරීන් පිරිසකට නව්‍ය කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා. බුද්ධි නිලධාරීන් කොපමණ ගණනකට කොරෝනා වෛරසය වැළඳි ඇත්දැයි මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ. කෙසේ වෙතත්, බුද්ධි නිලධාරීන් 30 දෙනෙකුට වැඩි පිරිසක් නව්‍ය කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් බුද්ධි නිලධාරීන් 60 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ඊයේ දිනය තුළ පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ 83,527 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉකුත් දින කිහිපය පුරාම අමෙරිකාවෙන් දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා යාම ද විශේෂත්වයක්. ඒ අනුව අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි දසලක්ෂ 66,546 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ දක්වා ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ද අමෙරිකාවෙන්. එරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන දෙලක්ෂ 49,998 ක් වනවා.