Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයට එරෙහිව බලාපොරොත්තුවක් Moderna ගෙන එයි




නව කොවිඩ් 19 වෛරසයට එරෙහිව සිදුකළ පර්යේෂණ මගින් තමන් නිපදවූ එන්නත සීයයට 94.5 ක ඵලදායීතාවයක් පෙන්නුම් කරන බව පර්යේෂණ සිදුකරන අමෙරිකාවේ Moderna සමාගම නිවේදනය කර සිටිනවා.

Moderna සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන් විසින් මේ වන විට සිදුකරමින් යන පර්යේෂණ ප්‍රථිපල අනුව එම එන්නතේ ඵලදායීතාවය පෙන්නුම් කොට ඇති බවයි.

මිට සතියකට පෙර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වූ එන්නතක් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන Pfizer සමාගම නිවේදනය කළේ සිය එන්නත 90% ක පමණ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි.

ලොවපුරා කොරෝනා වසංගතයේ දෙවන රැල්ලක් ආරම්භ වී ඇති පසුබිමක වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවක් ඇතිවී තිබීම බලාපොරොත්තු දනවන කරුණක් බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.