Wednesday, December 2, 2020

General line - 0115112241

මහනුවර භුචලනයක් : රිච්ටර් මාපකයේ ඒකක 2.5ක අගයක් ලෙස සටහන් වෙයි

7009Views


 


මහනුවර සහ දිගන ප්‍රදේශවලට අද පෙරවරුවේ භුචලනයක් සිදුවී තිබෙනවා. එම භූචලනය අද පෙරවරු 9.27ට පමණ සිදුවී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟ වීමේ ඒකකය සඳහන් කළේ.

මෙම භුක්ම්පනයේ ප්‍රබලත්වය පල්ලෙකැලේ සහ මහකනදරාව පිහිටි භූකම්පන මාපකයේ සනිටුහන්වී ඇති අතර එය ඒකක 2 -2.5ත් අතර අගයකින් යුක්ත බවයි භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

මෙම භූචලනය අඹකොටේ, දිගන, කුණ්ඩසාලේ ප්‍රදේශයේ ජනතාවට දැනී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here