Wednesday, December 2, 2020

General line - 0115112241

කොරෝනා ආසාදිතයෙකු හමුවුවත් මහ බැංකු කටයුතු අඛණ්ඩව

513Views


 


ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ආපනශාලා සේවකයෙකුට කොරෝනා වෛරසය  ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව මහ බැංකුවේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් ඇතුලූ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි මහ බැංකුව පැවසුවේ. කෙසේවෙතත් ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලූ දෙනාම ආසාදිතයින් නොවන බවටයි තහවුරු වී ඇත්තේ.

කෙසේවෙතත් මහ බැංකුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගැනීම සඳහා මග පෙන්වීමේ අරමුණින් හදිසි කි‍්‍රයාකාරී කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. සිය ආපනශාලා සේවකයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමග ප‍්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජේ්‍යෂ්ඨ නිලධාරීන් සියලූ දෙනා නිවසේ සිට සිය සේවා සපයන බවයි මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා අතර මහ බැංකුවේ අත්‍යාවශ්‍ය සේවා සියල්ල බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බවයි එහි සංනිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here