Friday, April 26, 2024

General line - 0115112241

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 60ක් : දීපවාලි සැමරීමට පැමිණි 08 දෙනෙකුත් ඒ අතර




නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයින් 60 දෙනෙකු හදුනාගෙන ඇති බව දිස්ති‍්‍රක් ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසනවා. දීපවාලි උත්සවය සැමරීමට කොළඹ සිට වතු කරයට පැමිණි අට දෙනෙකුද ඒ අතර වන බවයි දිස්ති‍්‍රක් ලේකම්වරයා කියාසිටියේ.

මේ අතර නිට්ටඹුව ප‍්‍රදේශයේ සිට තලවාකැලේ ප‍්‍රදේශයට ගොස් සිටි පුද්ගලයන් 11 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට එම ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ සහ පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකම් රෝහණ පුෂ්ප කුමාරගෙන් විමසීමක් කළා.